Lighthouse italia

Chiama Indicazioni Contatta l'azienda

Lighthouse italia Lighthouse Make Your Dream House ✨

393 4030301 Dinesh
3515692377 Harsha
3515194827 Laksh*tha
(1)

21/10/2026

මේ තමයි හිතේ ඇත්තම සතුට !

𝗟𝘂𝗻𝘂 𝗗𝗲𝗵𝗶 𝗘𝘂𝗿𝗼𝗽𝗲 𝗧𝗼𝘂𝗿 𝟮𝟬𝟮𝟲 𝗕𝗻𝗦 𝗮𝗻𝗱 𝗨𝗺𝗮𝗿𝗶𝗮 🇮🇹𝐌𝐚𝐢𝐧 𝐒𝐩𝐨𝐧𝐬𝐨𝐫 𝐋𝐢𝐠𝐡𝐡𝐨𝐮𝐬𝐞 ✨
21/10/2026

𝗟𝘂𝗻𝘂 𝗗𝗲𝗵𝗶 𝗘𝘂𝗿𝗼𝗽𝗲 𝗧𝗼𝘂𝗿 𝟮𝟬𝟮𝟲
𝗕𝗻𝗦 𝗮𝗻𝗱 𝗨𝗺𝗮𝗿𝗶𝗮 🇮🇹

𝐌𝐚𝐢𝐧 𝐒𝐩𝐨𝐧𝐬𝐨𝐫 𝐋𝐢𝐠𝐡𝐡𝐨𝐮𝐬𝐞 ✨

21/10/2026

වයස අඩු තනියෙන් ඉතාලියේ ජීවත් වෙන ඔබට ඔබේම නිවසක් මිලදී ගන්න පුලුවන්ද ? 👨🏠

𝗠ILANO 𝗟𝗶𝗴𝗵𝘁𝗛𝗼𝘂𝘀𝗲 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 😇𝗟𝗶𝗴𝗵𝘁𝗛𝗼𝘂𝘀𝗲 අපි සමස්ථ ඉතාලියේමඅංක  #𝟭 එකේ නිවාස සේවා සැපයුම් කරු වන්නෙමු,තවද ඉතාලියේ වෙ...
19/10/2026

𝗠ILANO 𝗟𝗶𝗴𝗵𝘁𝗛𝗼𝘂𝘀𝗲 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 😇

𝗟𝗶𝗴𝗵𝘁𝗛𝗼𝘂𝘀𝗲 අපි සමස්ථ ඉතාලියේම
අංක #𝟭 එකේ නිවාස සේවා සැපයුම් කරු වන්නෙමු,

තවද ඉතාලියේ වෙසෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන්ගේම නිවසක සිහිනය සැබෑවක් කිරීම 𝗟𝗶𝗴𝗵𝘁𝗛𝗼𝘂𝘀𝗲 අපගේ
පරම අධිශ්ඨානයයි ! ✨🔥

මේ අපිත් සමඟ නිවාස සිහිනය සැබෑවක් කරගත් තවත් ආදරණීය පාරිභෝගික පවුලක් ! 😍
ඔබට හදවතින්ම සුබ පැතුම් ! ✨

17/10/2026

විශ්වාසයකට කරන්න පුළුවන් දෙයක් ! 🤔

ඉතාලියෙන්,භවනක් වගේ ගෙයක් ගන්න ✨🔥
16/10/2026

ඉතාලියෙන්,භවනක් වගේ ගෙයක් ගන්න ✨🔥

Lighthouse යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස Calin Popular Awards 2026 සම්මානයෙන් පිදුම් ලබයි ✨යුරෝප...
14/10/2026

Lighthouse යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස Calin Popular Awards 2026 සම්මානයෙන් පිදුම් ලබයි ✨

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සිය සේවා ව්‍යාප්ත කරමින් සිටින Lighthouse ආයතනය Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම ඇගැයීම ආයතනයේ වර්ධන ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. Lighthouse නිර්මාතෘ සහ අධ්‍යක්ෂ දිනේෂ් පතිරගේ මහතා සහ සම නිර්මාතෘ ආචාර්ය මාර්කෝ රගුචි මහතා එක් වී ආරම්භ කළ මෙම ආයතනය තමන්ගේම නිවසක් මිල දී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට දේපොළ මිල දී ගැනීමේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට සහාය වෙයි.

දිනේෂ් පතිරගේ මහතා පැවසුවේ Lighthouse ආරම්භ කිරීමේ අදහසට පදනම වූයේ තමන් නිවසක් මිල දී ගැනීමේදී මුහුණ දුන් අත්දැකීම් බවයි. “මම මුලින්ම නිවසක් මිල දී ගැනීමට තීරණය කළ අවස්ථාවේදී ඒ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. එහිදී මුහුණ දුන් දුෂ්කරතා නිසා තවත් බොහෝ දෙනෙක් ඒ හා සමාන ගැටලුවලට මුහුණ දෙන බව මට වැටහුණා.

Lighthouse ආරම්භ කළේ එදා මට අවශ්‍ය වූ මඟ පෙන්වීම සහ සහාය අනෙක් අයට දීමටයි.” ඔහු සඳහන් කළේය.

ඉතාලියේ කුඩා පරිමාණයෙන් ආරම්භ වූ Lighthouse පසුව නගර කිහිපයක් වෙත සිය මෙහෙයුම් ව්‍යාප්ත කළේය. මේ වන විට ආයතනයේ ප්‍රධාන කාර්යාලය රෝමයේ පිහිටා ඇති අතර මිලානෝ, වෙරෝනා, ෆිරෙන්සේ සහ ලූකා යන නගරවල ශාඛා ක්‍රියාත්මක වේ. නාපෝලි නගරයේ නව ශාඛාවක් විවෘත කිරීමටද කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

පාරිභෝගික විශ්වාසය සහ විනිවිදභාවය ආයතනයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ බව පතිරගේ මහතා අවධාරණය කළේය. ඉටු කළ හැකි පොරොන්දු දීම සහ අඛණ්ඩව විශ්වාසනීය සේවාවක් සැපැයීම Lighthouseහි ප්‍රමුඛතාවක් බවද ඔහු පැවසීය. “ඉටු කරන්න බැරි පොරොන්දු අපි දෙන්නේ නැහැ. විශ්වාසය අපේ ව්‍යාපාරයේ වැදගත්ම පදනමක්. පාරිභෝගිකයන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩ නඟා ගැනීමට එය අපට උපකාර වී තිබෙනවා.” ඔහු සඳහන් කළේය.

ආයතනය තව දුරටත් වර්ධනය වන විට දක්ෂ කණ්ඩායමක් ගොඩ නැඟීමේ සහ අභ්‍යන්තර ක්‍රමවේද ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි වර්ධන අදියරේදී තාක්ෂණයට වැඩි අවධානයක් යොමු කරමින් පද්ධති වැඩි දියුණු කිරීමට සහ වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවලට ගැළැපෙන සේවාවක් සැපැයීමට ආයතනය සැළැසුම් කරයි. ඉදිරි වසර පහ තුළ ඉතාලියෙන් ඔබ්බට සිය සේවා ව්‍යාප්ත කරමින් යුරෝපය පුරා පුළුල් ව්‍යාපාර පැවැත්මක් ගොඩ නැඟීම Lighthouseහි අපේක්ෂාවයි.

අනෙකුත් ජාත්‍යන්තර වෙළෙඳපොළවල අවස්ථා සොයා බැලීමටත්, එම ව්‍යාප්තියට සහාය විය හැකි දිගු කාලීන දැක්මක් සහිත ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමටත් ආයතනය අවධානය යොමු කර ඇත. Calin Popular Awards 2026 සම්මානය යුරෝපය තුළ සිය දේපොළ සේවා ජාලය පුළුල් කරමින් සිටින Lighthouse ආයතනයට ලැබුණු තවත් වැදගත් ඇගැයීමකි.

courtesy - lankabusinessnews

Lighthouse යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස Calin Popular Awards 2026 සම්මානයෙන් පිදුම් ලබයි

14/10/2026

අපේ සිහිනය එලෙසින්ම සැබෑවක් කල Lighthouse !

13/10/2026

Lighthouse අපිට ලැබුණු ජනතා සම්මානයට
ඔවුන්ගේ ආදරණීය සුබ පැතුම !
ගෞරවණීය පාරිභෝගික ඔබ,
සැබැවින්ම අපේ වත්කමයි !
ඔබ අපේ ශක්තියයි. ✨🇮🇹

ඉතාලියේ ගෙයක් ගන්න කලින් මේ දේවල් 10 බැලුවේ නැත්නම්, ඔයාගේ මහන්සිය ඔක්කොම වතුරේ ! 💸අවුරුදු ගාණක් දහඩිය වගුරවලා, සතෙන් සත...
13/10/2026

ඉතාලියේ ගෙයක් ගන්න කලින් මේ දේවල් 10 බැලුවේ නැත්නම්, ඔයාගේ මහන්සිය ඔක්කොම වතුරේ ! 💸

අවුරුදු ගාණක් දහඩිය වගුරවලා, සතෙන් සතේ එකතු කරලා ඉතාලියේ තමන්ගේම කියලා ගෙයක් ගන්න එක අපේ ගොඩක් අයගේ ලොකුම හීනයක්. ඒත් මතක තියාගන්න, බැලූ බැල්මට මාලිගාවක් වගේ පේන ගෙයක් අස්සේ ඔයාගේ සාක්කුව හිස් කරන "ලෙඩ" හැංගිලා තියෙන්න පුළුවන්.

ඒජන්සි (Agenzia Immobiliare) කියන කතා වලට විතරක් රැවටෙන්නේ නැතුව, Geometra කෙනෙක් ගෙනියන්නත් කලින් ඔයාටම පුළුවන් මේ දේවල් 10න් ගෙදර ඇත්ත තත්වේ "ස්කෑන්" කරලා බලන්න.
ගෙවල් බලන්න යන දවසට මේක ඔයාගේ චෙක්ලිස්ට් එක කරගන්න!

1. බිත්තිවල හැංගිච්ච සතුරා - 'Muffa' (පුස්) 🦠

ඉතාලියේ ගෙවල් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තෙතමනය සහ පුස්. ගේ විකුණන්න කලින් අයිතිකාරයෝ අලුතින් පේන්ට් කරලා මේවා හංගන්න පුළුවන්. ඒත් ඔයා ගේ ඇතුළට ගිය ගමන් එන සුවඳ ගැන සැලකිලිමත් වෙන්න.
අල්මාරි පිටිපස්සේ, ජනෙල් මුලු වල සහ බිම ලීස්තර (battiscopa) ගාව කලු පාටට තියෙනවද කියලා හොඳට බලන්න.

2. වතුර කරාම ඇරලා බලන්න 🚰

ගෙදරට ගියාම නිකන්ම වටපිට බලලා එන්න එපා. බාත්රූම් එකේ, කුස්සියේ ටැප් එකක් ඇරලා බලන්න වතුර පීඩනය (Water pressure) කොහොමද කියලා.
ඒ වගේම වතුර බැහැලා යනවා ද, නැත්නම් හිර වෙනවා ද කියලත් බලන්න. පරණ යකඩ බට තියෙන (Tubature vecchie) ගෙවල් වල නම් වතුර ටිකක් කහ පාටට එන්න පුළුවන්.

3. බොයිලේරුවේ (Caldaia) වයස කීයද? 🔥

සීතල කාලෙට ගෙදරට පණ දෙන්නේ කල්දාය (Caldaia) එක. මේක අවුරුදු 10-15 කට වඩා පරණ නම්, ඒක මාරු කරන්න ඔයාට ලොකු ගාණක්
(යුරෝ 1500 - 3000 අතර) වියදම් කරන්න වෙනවා.
කල්දාය එක අලුත්ද, හැම අවුරුද්දෙම සර්විස් කරලද (Libretto della caldaia) කියලා අනිවාර්යයෙන්ම අහන්න.

4. ජනෙල් සහ දොරවල් (Infissi) 🪟

ඔයාගේ ගෑස් බිල තීරණය කරන ප්‍රධානම සාධකය මේකයි. ජනෙල් ළඟට ගිහින් අත තියලා බලන්න එළියෙන් හුළඟ එනවද කියලා. ලී ජනෙල් ද තියෙන්නේ, නැත්නම් නවීන Doppio Vetro (Double glazing) ජනෙල් ද?
පරණ ජනෙල් තියෙන ගෙදරක හීටර් දැම්මත් රස්නේ රඳන්නේ නැහැ, බිල විතරයි එන්නේ.

5. විදුලි පද්ධතිය නියාමනය කරලද? ⚡

මේක ඔයාගේ පවුලේ ආරක්ෂාව. ගෙදර Salvavita (Main Switch එක) අලුත් එකක්ද බලන්න.
ඒ වගේම විදුලි පද්ධතිය සම්මත ප්‍රමිතීන්ට අනුව (Impianto a norma) තියෙනවද කියලා අහන්න. පරණ වයර් තියෙන ගෙවල් වලට අලුතින් වයර් අදිනවා කියන්නේ යුරෝ දහස් ගාණක වැඩක්.

6. බිම ටයිල් වලට තට්ටු කරලා බලන්න 🧱

ඇවිදිනකොට බිම ටයිල් එකක් හරි ලී බිමක් (Parquet) හරි පුපුරලා, ඉස්සිලා තියෙනවද බලන්න. සපත්තුවෙන් පොඩි තට්ටුවක් දාලා බලන්න ඇතුල හිස් සද්දයක් එනවද කියලා. එහෙම එනවා නම් ටයිල් එක යට බදාම දියවෙලා හරි පරණ වෙලා හරි.

7. එළියේ බිත්ති සහ වහලය (Facciata & Tetto) 🏠

ඔයා ගන්නේ Condominio (මහල් නිවාස) එකක් නම්, ගොඩනැගිල්ලේ පිටත බිත්ති වල (Facciata) තීන්ත ගැලවිලා ද, ඉරිතලලා ද කියලා බලන්න. මේවා අලුත්වැඩියා කරන්න වුණොත් ඔයාටත් ඒකේ කොටසක් ගෙවන්න වෙනවා (Spese straordinarie). වහලය ගැනත් ඒ විදියටම හොයලා බලන්න.

8. බලශක්ති සහතිකය (Classe Energetica - APE) 📜

හැම ගෙදරකටම APE සහතිකයක් තියෙන්නම ඕනේ. මේකේ A ඉඳන් G වෙනකන් අකුරු තියෙනවා. ගෙදර තියෙන්නේ G හෝ F කාණ්ඩයේ නම්, ඒ ගෙදර ඉක්මනින් රත් වෙන්නෙත් නෑ, කරන්ට් බිලත් වැඩියි. අනාගතේදී යුරෝපා සංගමයේ නීති වලට අනුව මේවා අනිවාර්යයෙන්ම අලුත්වැඩියා කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්.

9. හිරු එළිය සහ වාතාශ්‍රය (Esposizione) ☀️

ගෙදරට දවල්ට ඉර එළිය වැටෙනවද? දකුණට (Sud) හෝ නිරිත දෙසට
(Sud-Ovest) මුහුණලා තියෙන ගෙවල් වලට හොඳට ඉර එළිය වැටෙනවා. ගේ ඇතුලට ගියාම දවල්ටත් ලයිට් දාන්න ඕනේ නම්, ඒ ගෙදර තෙතමනය සහ පුස් හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

10. කන්ටීනාව (Cantina) සහ ගරාජය 🚗

ගෙදර හොඳට තිබ්බට Cantina එකට හෝ ගරාජයට ගිහින් බලන්න. වහින කාලෙට වතුර පිරෙන (Allagamento) ලකුණු බිත්තිවල තියෙනවද බලන්න. බිත්තියේ යට කොටසේ පාට වෙනස් වෙලා නම්, ඒ කියන්නේ කලින් වතුර පිරිලා තියෙනවා.

ගෙයක් ගන්නවා කියන්නේ ජීවිතේ කරන ලොකුම ආයෝජනයක්. බැලූ බැල්මට ආදරේ හිතෙන ගෙවල් වලට ඉක්මන් වෙලා අත්සන් කරන්න කලින්, මේ දේවල් 10 ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාගේ සල්ලි වගේම ඔයාගේ හිතේ සාමයත් ඉතුරු වෙයි!

ඉතාලියේ ගෙයක් ගන්න හීන දකින ඔයාගේ යාලුවන්ටත් බලන්න මේ ලිපිය Share කරන්න 👇

ඔබේ මහන්සියෙන්, දහදියෙන් හම්බකරපු සල්ලි වලින් ගන්න ඒ පළවෙනි ගෙදර, ඔබේ ජීවිතේ ලස්සනම ආයෝජනය කරගන්න මේ කරුණු ටික අනිවාර්යයෙන්ම උදව් වේවි. ඉතාලියේ ඔබේම නිවහනක හීනය සැබෑවෙන ඒ සුන්දර දවසට, අපෙන් උණුසුම් සුබ පැතුම් !

භාෂාවේ ගැටලු, Busta Paga එකේ ප්‍රශ්න, බැංකු වල තියෙන සංකීර්ණ නීති රීති නිසා ගොඩක් දෙනෙක් තමන්ගේම ගෙවල් හීනය අතහැරලා දානවා.
නමුත් Lighthouse අපි ඉන්නේ ඒ හීනය හැබෑ කරලා දෙන්නයි !

අපි ඔබට උදව් කරන්නේ කෙසේද?

🔥 නොමිලේ උපදේශනය:
ඔබේ Busta paga සහ ආදායම් තත්වය පරීක්ෂා කර ඔබට ලබාගත හැකි උපරිම ණය මුදල (Mutuo Amount) ගණනය කර දීම.

🔥 හොඳම බැංකු පොලී අනුපාත:
වෙළඳපොලේ ඇති අඩුම පොලී අනුපාත (Tasso Fisso/Variabile) යටතේ ණය මුදල ලබා දීම.

🔥 සියලුම ලිපිලේඛන කටයුතු:
බැංකු සමග කතා කිරීමේ සිට Notaio දක්වා වූ සියලුම නීතිමය සහ ලිපිලේඛන කටයුතු මුල සිට අගටම අප විසින් සිදු කර දීම.

තවත් කාලයත්, සල්ලිත් අපතේ යවන්න එපා. අදම අපට කතා කරන්න. ඔබේ හැකියාවට ගැලපෙන, ඔබටම හිමි නිවසක දොරටුව විවර කරගන්න අපි ඔබට ආලෝකය පෙන්වන්නෙමු !

𝗟𝗶𝗴𝗵𝘁𝗵𝗼𝘂𝘀𝗲
සිහින නිවසක පෙරගමන්කරු !

© Ligththouse All rights reserved !

Indirizzo

Via Dei Due Ponti 231, Roma, , Via Enrico Berlinguer 15a, Modena 41057, , Via Cacciatori Delle Alpi 3, Verona 37137
Rome
00189

Orario di apertura

Lunedì 09:45 - 19:00
Martedì 09:45 - 19:00
Mercoledì 09:45 - 19:00
Giovedì 09:45 - 19:30
Venerdì 09:45 - 19:00
Sabato 09:45 - 19:00
Domenica 09:45 - 19:45

Telefono

+393899493834

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Lighthouse italia pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Lighthouse italia:

Scelte rapide

Condividi

Categoria